― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකෙහෙළිය රඹුක්වැල්ලට ඇප - Breaking

කෙහෙළිය රඹුක්වැල්ලට ඇප – Breaking

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් 08ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (11) නියෝග කර තිබෙනව.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහලට යවා ඔහුගේ රෝගී තත්ත්වයන්ට අදාළව මානසික ප්‍රතිකාර සහ හෘද රෝග ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාළිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඇප ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පළමුවැනි සැකකරු වන බාල ඖෂධ සැපයූ සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තාට සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට තවදුරටත් ඇප ලබා දීම සම්බන්ධයෙන් විරෝධතාව දක්වන බවත් 7 වන සහ 12 වන සැකකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත්ට සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අයට ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නීතිපතිවරයා මාළිගාකන්ද අධිකරණයට දන්වා සිටියේය.

7 වන සහ 12 වන සැකකරුවන් සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩල වාර්තා අද (11) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දන්වා සිටියාය.

ඉහත සැකකරුවන් දෙදෙනා සිය දිවිනසා ගැනීමේ උග්‍ර තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති බවත් දැඩි හෘද රෝගි තත්ත්වයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

පසුගිය නඩු විභායේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යවනු ලැබු සුදත් ජානක නැමැත්තා අද (11) නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළහ.

එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවයි.

තවද පූර්ණ අබාධිත තත්ත්වයට පත් විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරීමට නොහැකි බවත් එසේ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇප ලබා දුන්නත් වැඩක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එබැවින් සුදුසු ඕනැම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ 2019 වසරේදී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් ඒවා වසර පහක් පැරණි ඒවා බවත්ය.

එමෙන්ම 8 වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර 10 කදී ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමානයේදී ඔහු එම රෝගවලින් නොපෙළෙන බවයි.

තවද වර්තමාන රෝගි තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දීමට සැකකරු අසමත් වී ඇති බවයි. මේ තත්ත්වය මත අධිකරණයට ඇප ලබා දීමට බලයක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල වෙත යවා එම මානසික ප්‍රතිකාර සහ හෘ රෝගි ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නඩුවේ 7 වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වන සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අය රුපියල් ලක්ෂ එකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහක ශරිර ඇප මත මුදා හැරීමට නියෝග කළාය.