― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉතාලියට පනින්න ගිය සිරියානු ජාතිකයින් 07ක් අත්අඩංගුවට

ඉතාලියට පනින්න ගිය සිරියානු ජාතිකයින් 07ක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතිකයින් 07 දෙනෙක් අද (12) කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිරියාවේ වාසය කළ වැඩිහිටියන් තිදෙනෙක් සහ කුඩා දරුවන් සිව් දෙනෙකි.

මොවුන් අද (12) උදෑසන 07.20 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන්තොටුපොළ විගමන කවුළු වෙත පැමිණ තිබූ අතර එහිදී ආගමන විගමන නිලධාරීන්ට ඇති වූ සැකය මත මොවුන් ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවයි තහවුරු වී ඇත්තේ.

ඉන්පසුව මෙම සිරියානු ජාතිකයන්ගෙන් සිදු ප්‍රශ්න කිරීම්වලදී තමන් මෙම ගමන් බලපත්‍ර එකක් ඇමෙරිකානු ඩොලර් 2,000 බැගින් තැරැව්කරුවෙකු වෙත ගෙවා තුර්කියේ දී සකස් කර ගත් බව ඔවුන් පවසා තිබෙනවා.

මෙම ගමන් බලපත්‍ර පරිලෝකන යන්ත්‍ර (Scaner Test) , ඉලෙක්ට්‍රොනික් ගේට්ටු (Electronic Gates) වැනි නවීනතම පරීක්ෂා කිරීම් වලදී ද හසු නොවන ආකාරයට, අධිතාක්ෂණික චිපයන් යොදා සකස් කර තිබෙනවා.

මොවුන් ප්‍රථමයෙන් මැලේසියාව වෙත පැමිණ එතැනින් ශ්‍රී ලංකාවට පැමිණ තිබු අතර ඉන්පසුව ඔවුන් ඉන්දියාවට ගොස් එතැනින් ඉතාලිය වෙත පළා යාමට සැළසුම් කර තිබූ බවයි ආගමන විගමන නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සිරියානු ජාතිකයන් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.