― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වූ තරුණයා අත්අඩංගුවට

ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වූ තරුණයා අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස්, ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙක් අද (12) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.

මොහු දෙවරක් විදේශගත වී ඇති අතර අවසන් වරට ඔහු සිය පියා සමඟ ඉන්දියාවේ චෙන්නායි නුවර වාසය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු අතරින් රිංගා ගොස්, ගුවන් තොටුපොළ ගුවන් යානා අංගනයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා අද අලුයම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1172 දරන ගුවන් යානයට ඇතුළු වීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදියි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇත්තේ.

මෙම තරුණයාගේ සොහොයුරෙකු පොලිසිය වෙත කැඳවා සිදු කළ විමර්ශනවලදී මොහු මානසික රෝගාබාධයකින් පෙළෙන අයෙක් බවත් ඔහු ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගන්නා බවත් අනාවරණය වී තිබෙනවා.

එහෙත් පසුගිය මාසය තුළ මොහු එම රෝගී තත්ත්වයට අවශ්‍ය ඖෂධ ලබා ගෙන නොමැති බවයි එම තරුණයාගේ සොහොයුරා වැඩිදුරටත් පවසා ඇත්තේ.

කොට කලිසමක් සහ කමිසයක් හැඳ පාවහන් දමා සිටි මෙම තරුණයා ඉන්දියාවේ චෙන්නායි වෙත යාම සඳහා එලෙස ගුවන් යානය වෙත ගමන් කළ බවයි පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් තරුණයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.