― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentබස් - ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

බස් – ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

පාදුක්ක – වටරැක ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අපරික්ෂාකාරීව මාර්ගය හරහා දැමීමට උත්සාහ කළ විට දී පසුපසින් ආ බස් රථය ත්‍රීරෝද රියෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

බස් රථයේ ගැටුණු ත්‍රීරෝද රථය කෙටි දුරක් පෙරළී ගොස් ඇති අතර
එම අවස්ථාවේදී ත්‍රීරෝද රියෙහි පසුපස ආසනයේ ගමන් ගත් කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් ඇය රෝහල්ගත කරන විටත් ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් වන අතර ත්‍රීරෝද රථයේ සහ බස් රථයේ ද රියදුරන් දෙදෙනාටද ඉන් තුවාල සිදු වී තිබෙනවා.