― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසයිප්‍රස් රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

සයිප්‍රස් රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පොරොන්දු වී රුපියල් ලක්ෂ 60ක මුදලක් වංචා කළ විදේශ රැකියා ආයතනයක නියෝජිතවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි හලාවත, කලුගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව තරුණයන් දස දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 60ක මුදලක් ලබාගෙන, ඔවුන් අද (13) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙන්වා, එහි අතරමං කර පළා යාමට තැත් කර තිබෙනවා.

ඇය ඔවුන් අද (13) දිනයේදී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යවන බව දැනුවත් කර තිබූ අතර ඒ අනුව මෙම ඇතැම් තරුණයන් අලුයම 03.00 පමණ සිට ඔවුන්ගේ ගම්බිම්වලින් පිටත් වී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙම තරුණයන්ට ඒ වනවිටත් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සහ වීසා බලපත්‍ර ලබා දී තිබූ අතර මෙම රැකියා නියෝජිතවරිය පැමිණෙන තෙක් ඔවුන්ට ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටින ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

මොවුන් ගුවන්ගත වීමට නියමිත ගුවන් යානය උදෑසන 10.30 ට පිටත් වීමට නියමිතව තිබූ අතර රැකියා නියෝජිතවරිය උදෑසන 08.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය මොවුන්ගේ වීසා බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සියල්ල එකතු කරගෙන ගුවන්තොටුපොළ තුළට ඇතුළු වී ඇති අතර තවත් පැයක පමණ කාලයක් ඔවුන්ට එහි රැඳී සිටීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් බොහෝ වේලාවක් යනතුරු එම විදෙශ රැකියා ආතනයේ නියෝජිතවරිය ඔවුන් අතරට නොපැමිණීම හේතුවෙන්
මෙම පිරිස ගුවන්තොටුපොළ තුළට ඇතුළු වී ඇය පිළිබඳ සොයා බලා තිබෙනවා.

එහිදී ඇය ගුවන්තොටුපොළ පිටුපස දොරටුවකින් පළා යමින් සිටියදී මහත් පරිශ්‍රමයක් දරා ඇය අල්ලාගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත රැගෙන ගොස් භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කාන්තාව තවත් 15 දෙනෙකුගෙන් ද මේ ආකාරයට සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මුදල් ලබා ගෙන ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම කාන්තාව ජා ඇළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.