― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ගැන දැනුම්දීමක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ගැන දැනුම්දීමක්

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු නවතා දැමිය යුතු බවයි මැතිවරණ කොමිසම පසන්නේ.

18 වැනිදායින් පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම් වන අතර පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය ගලවා ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතුව පවතිනවා.