― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපෝලිම් යුගයකට නැවත ඉඩදෙන්න එපා - ජනපති

පෝලිම් යුගයකට නැවත ඉඩදෙන්න එපා – ජනපති

රට අඳුරට ගෙන යන පෝලිම් යුගයකට නැවත ඉඩ නොදිය යුතු බවත් සමෘද්ධිමත් ස්ථාවර රටක්ද, යළිත් පෝලිම් යුගයක්ද යන්න මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (16) පස්වරුවේ බදුල්ලේ පැවති ‘රනිල්ට පුළුවන්’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ වැල්පාලමෙන් අසීරුවෙන් එගොඩ කරවමින් සිටින දරුවා ඉදිරියට ගෙන යාමට පැන ගිය නතාලියා දෙදෙනාට නොහැකි බවයි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ ජනවරම තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

“ඔබේ ජීවිතයේ වැදගත්ම මැතිවරණයකට ඔබ මුහුණ දෙනවා. එයින් තීන්දු වන්නේ අපි සමෘද්ධිමත්, ස්ථාවර හොඳ ජීවිතයක් ගත කරනවාද නැත්නම් නැවතත් පෝලිම් යුගයකට යනවද යන්නයි. නැවත පෝලිම් යුගයකට රට ගෙන යාමේ වැරුද්ද සිදු කරන්න එපා කියා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිම වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ අප ගෙන ගිය වැඩපිළිවෙළ තහවුරු කිරීම සඳහා මට ඡන්දය ලබාදෙන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එදා අනෙක් නායකයන් බෑ කියද්දි මම ආණ්ඩුව භාරගත්තා. මේ රටේ ජනතාව ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් නැතිව දුක් විඳින විට සජිත්ගෙවත්, අනුරගෙවත් හදවත කම්පා වුණේ නැහැ. ජනතාව ඖෂධ නැතිව මිය යද්දි ඔවුන් දුක් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ ජනතාව බිල්ලට දී ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමටයි. නමුත් මම මේ රට භාර ගත්තා. ජනතාව ගැන සිතූ සියලුදෙනා මා සමඟ එක් වුණා. අප සියලුදෙනා එක්ව වසර දෙකක් වැනි කෙටි කාලයත් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ආවා. රටේ ආර්ථිකය ගොඩනැගීමේ දී මට බදු ඉහළ දැමීම වැනි අසීරු තීරණ ගැනීමට සිදු වුණා.

රටක ආර්ථිකයක් කඩා වැටුණු විට එම ආර්ථිකය ගොඩනැඟීමට වසර 05ක් පමණ ගත වෙනවා. නමුත් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට කටයුතු කළ රට බවට ශ්‍රී ලංකාව මේ වන විටත් පත්ව තිබෙනවා. තවම අප සිටින්නේ වැල් පාලමේයි. අප තව ටිකක් දුර යා යුතුයි. වැල්පාලම සෙලවෙනවා. නමුත් අප මෙවර ජනාධිපතිවරණයේ දී මෙම ගමන ස්ථීර කරගත යුතුයි. හුණුවටයේ කතාවේ මෙන් නොව දරුවාගේ අයිතිය ලබා ගැනීමට පැන ගිය නතාලියා දෙදෙනෙකු ඉන්නවා. ඔවුන්ට වැඩපිළිවෙළක් නැහැ. රට පිළිබඳ දැක්මක් නැහැ. ඔවුන් බදු අඩු කරනවා කිව්වට එසේ සිදු කිරීමට ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් බලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොවුන් ජනතාව ඉදිරියේ බොරු කියමින් සිටිනවා. පැන ගිය නායකයන් ගැන විශ්වාසයක් තබන්න බැහැ. දරුවා ඉදිරියට ගෙන යාමට පැන ගිය නතාලියා දෙදෙනාට හැකියාවක් නැහැ. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා අප සියලුදෙනා එක්ව රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු කියා මම සියලු ජනතාවගෙන් ඉල්ලනවා.”