― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලොවක් දිනූ අපේ රූ රැජින දිවයිනට

ලොවක් දිනූ අපේ රූ රැජින දිවයිනට

Miss International 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී වී ලොවක් ඉදිරියේ ලක්මව බැබලවූ තිළිණි කුමාරි දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දුනීසියාවේ බාලි දූපත් හි පැවති මෙම තරගය පසුගිය 09 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වුණා.

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 20ක රූ රැජිනියන් සහභාගී වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවකියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිළිණි කුමාරි සමත් වුණා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරණ ගුවන් යානයෙන් තිළිණි ඊයේ (16) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි.