28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ඉවත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ඉවත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න 03ක් ඉවත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයේ අදාළ ප්‍රශ්න 03ට සමාන ප්‍රශ්න 03ක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් හරහා අලව්ව ප්‍රදේශයේ, ගුරුවරයෙක් විසින් සමාජ මාධ්‍යයට එක්කර ඇති බවට ලද තොරතුරක් මත විභාග දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකර තිබෙනවා.

එම විධිමත් පරීක්ෂණයෙන් අනතුරුවයි මෙම ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ.

පසුගිය සතියේ නිමාවට පත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් ප්‍රශ්න 03ක් ඉවත් මෙලෙස ඉවත් කර තිබෙනවා.