― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසියලු ජාතීන්ට සමෘද්ධිමත් අනාගතයක් උදා කර දෙනවා - ජනපති

සියලු ජාතීන්ට සමෘද්ධිමත් අනාගතයක් උදා කර දෙනවා – ජනපති

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් අනාගතයක් උදා කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) මන්නාරම බස් නැවතුම්පොළ අභියස පැවති ‘රනිල්ට පුළුවන්’ විජයග්‍රාහී
ජන රැලිය අමතමිනි.

රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් තමාට අසීරු තීන්දු තීරණ ගැනීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා එහිදී රටේ ජනතාව ඉවසීමෙන් කටයුතු කරද්දි බලය ලබා ගැනීම පමණක් අරමුණ වූ විපක්ෂයේ පිරිස් මැතිවරණ ඉල්ලා උද්ඝෝෂණ කළ බව සිහිපත් කළේය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සාධාරණය ඉටු කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

අද මම ඔබ සියලුදෙනා හමුවට පැමිණ සිටින්නේ ඔබේ අනාගතය ගැන කථා කිරීමටයි. ඔබට අවශ්‍ය නම් හොඳ අනාගතයක ජීවත්වෙන්න පුළුවන්. නැත්නම් නැවත පෝලිම් යුගයකට යන්න පුළුවන්. සැප්තැම්බර් 21 වැනිදා ඔබ තීරණය කළ යුත්තේ එයයි. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ මගේ අනාගතය නොව ජනතාවගේ අනාගතය සහ රටේ අනාගතය බව මම සිහිපත් කරනවා. වසර දෙකකට පෙර මම රට භාරගන්න විට ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් කිසිවක් තිබුණේ නැහැ. එම ගැටළු විසඳීමට සජිත් හෝ අනුර ඉදිරිපත් වුණේ නැහැ. ජනතාව දුක් විඳින විට ඔවුන් වගකීම භාර ගන්න බැහැ කිව්වා. නමුත් මම රටේ වගකීම භාරගත්තා. දැන් ගෑස්, ඉන්ධන, ඖෂධ, පොහොර සියල්ල තිබෙනවා. ආර්ථිකය නැවත ආරම්භ වී තිබෙනවා. ජනතාව ගොවිනැන් කරනවා. ධීවර කර්මාන්තයේ නිරත වෙනවා. දරුවන් අධ්‍යාපනය ලබනවා. දැන් එදා පැන ගිය අය අද රට භාරදෙන්න කියලා ඉල්ලනවා. ඔවුන්ට කොස්සෙන් ගසා පැන්නිය යුතුයි. ජනතාවට අවශ්‍ය වෙලාවේ ඔවුන් සිටියේ නැහැ. දැන් කෙල පෙරාගෙන රට ඉල්ලනවා. මේ අයට රට භාර දිය යුතුද, මේ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදු වුණා. එහිදී ජනතාවට දුක් විඳීමට සිදු වුණා. නමුත් ඒ සියල්ල දරාගෙන ජනතාව සිය යුතුකම ඉටු කළා.

ඒ වගේම සූර්ය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම අපේ අරමුණයි. මම ජනතාව ඉදිරියට පැමිණ සිටින්නේ වැඩසටහනක් සමඟයි. මේ ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා වෙනුවෙන් අප එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එල්ටීටීඊ යට සම්බන්ධ වීම නිසා අත්අඩංගුවේ පසුවන අය තවත් නිදහස් කිරීමට අප කටයුතු කරනවා. මන්නාරම සිංහල ගම්මානවල සිටින පවුල් පිළිබඳවත් බියක් ඇති කරගන්න එපා කියා මම කියනවා. ඒ වගේම විනාශ වී තිබෙන විහාරස්ථාන 05 ද ඉදිරියේදී ඉදිකර දීමට අප කටයුතු කරනවා. මන්නාරම දියුණු කර මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා අලුත් පාරක් හදනවා. එවන් දියුණුවක් අප මෙම පළාත්වල ඇති කරනවා. මෙය අපට සිදු කළ හැකියි. එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙමින් මට ජනවරම ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”