― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලෙබනනයේ පිපිරීම් මාලාවක් - 2800කට තුවාල

ලෙබනනයේ පිපිරීම් මාලාවක් – 2800කට තුවාල

ලෙබනනයේ සිදු වූ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෙබනනයේ බේරූට් අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මෙම පිපිරීම් මාලාව සිදුව ඇති බවයි.

හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සන්නිවේදනය සඳහා භාවිත කරන විද්‍යුත් විදුලි සංදේශ උපකරණවල බැටරි පිපිරී යෑමෙන් ලෙබනනයේ පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 2800ක් පමණ තුවාල ලබා ඇති අතර ඉන් 200කගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සිද්ධියට ඊශ්‍රායලය වගකිව යුතු බවට හිස්බුල්ලා සටන්කාමීන් චෝදනා කරන්නේ.

ඊශ්‍රායලය විසින් අලුතින් හඳුවා දී ඇති රේඩියෝ සංඥා ජෑමර් පද්ධතිය උපයෝගී කර ගනිමින් ලෙබනනයේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත පේජර් යන්ත්‍ර පුපුරවා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.