― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිවැරදිව ඡන්දය භාවිතා කරන්නේ මෙහෙමයි

නිවැරදිව ඡන්දය භාවිතා කරන්නේ මෙහෙමයි

ඡන්ද මධ්‍යස්ථානය තුළ අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් පෝස්ටර් මගින් මහ ජනතාව දැනුවත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොමසාරිස්වරයා කියා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ කාලය ආරම්භ වන බවත් හෙට මධ්‍යහන පුවත්වලින් පසුව කිසිඳු ආකාරයක අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයට ප්‍රචාරය නොකළ යුතු බවයි.

එමෙන්ම ආබාධිත අයට ඡන්දය භාවිතා කිරීමට බාධාවක් නොවන බවත්
මේ වනවිට නිල දැන්වීම් ඡන්ද පත්‍රිකා 97% කට වැඩි ප්‍රමාණයක් බෙදා හැර ඇති බවත්ය.

වලංගු ජාතික හැදුනුම් පත, රියදුරු බලපත්‍රය, පූජ්‍ය හැදුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, ආබාධිත හැදුනුම්පත යොදාගෙන ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

ඡන්දය ලකුණු කිරීම සඳහා අරාබි ඉලක්කම් එක, දෙක, තුන හා කතිර ලකුණ ලෙස යොදාගත හැකි බවත් මනාප ලකුණු කිරීමට අවශ්‍ය නම් අරාබි ඉලක්කම් එක දෙක යොදා ගැනීම අනිවාර්ය වන බවත් ඔහු පැවසුවා.

මෙයින් බැහැරව වෙනත් ආකාරයට ඡන්දය ප්‍රකාශ කළහොත් එය ප්‍රතික්ෂේප ඡන්දයක් ලෙස සටහන් වනවා.