― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් - ජීවන්

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීම සඳහා අද (18) හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“මම පොදුජන පෙරමුණේ රාජ්‍ය ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ මේ රටේ කොරෝනා වසංගතය ආවා. ඒ කාලයේ රට ආර්ථික වශයෙන් කඩා වැටුණු නිසා වතුකරයේ ජනතාවට කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කරන්න ලැබුණේ නැ. රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවේ රටේ ජනතාව බේරා ගැනීමට කිසිඳු කෙනෙකු ඉදිරිපත් නොවුඉ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් වැඩ භාරගෙන වසර දෙකක් වැනි කාලයක් තුළ රටේ ආර්ථිකය ඉහළ දැමීමට කටයුතු කළා.

ඒ වගේම අපෙන් ඉල්ලීමක් කළා එතුමාගේ කැබිනට්ටුවට සහය දක්වන්න කියලා. මම රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වෙලා ජනාධිපතිවරයා එක්ක එකතු වුණාම මට කැබිනට් ඇමති ධුරයක් ලැබුණා. මම කැබිනට් ඇමතිකම ලැබුණාට පස්සේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරලා වතුකරයේ අතරමග නතර කරලා තිබුණු නිවාස යෝජනා ක්‍රමය යළි ක්‍රියාවට නංවන්න පුළුවන් වුණා. ඒ වගේම වතුකරයේ ජනතාවගේ ආර්ථිකය ඉහළ දැමීමට කටයුතු කළා. වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දීමටත් ජනාධිපතිවරයා පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා අනාගතය ගැන සිතා රනිල් වික්‍රමසිංහට ඡන්දය භාවිතා කරන ලෙසට මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

උතුරු නැගෙනහිර ජනතාවගෙන් මම එක ඉල්ලීමක් කරනවා. උතුරු නැගෙනහිර තියෙන ප්‍රධානතම දේශපාලන පක්ෂවල සිටින පිරිස මෙවර ජනාධිපතිවරණයේදි විවිධ මත දරනවා. ඒ ගැන සිතන්නේ නැතුව උතුරු නැගෙනහිර ජනතාවට සේවයක් කරන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ නිසා ඔබ නියෝජනය කරන දේශපාලඥයන් කියන දේ නොකර රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට කටයුතු කරන්න.”