යාපනය – නුවර A09 මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ වවුනියාව, ඕමන්තේ ප්රදේශයේදී යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි මායවනුර් වට්ටකච්චි ප්රදේශයේ පදිංචිකරුවෙකු වන 46 හැවිරිදි වීරසිංහම් ජනිතරන් හා පාපැදියේ ගමන් ගත් 48 හැවිරිදි ෂන්මුගරාජා යෝගරාසා යන පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.