26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුරදිග ගිය බහින්බස් වීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දුරදිග ගිය බහින්බස් වීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රත්නපුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ රත්නපුර, ගොඩකවෙල පොලිස් වසමට අයත් හපුගස් තැන්න ගම්මානයේ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දුම්මලතැන්න, සපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි R.E. ලසිත දේශප්‍රිය නැමැති අවිවාහක පුද්ගලයෙක්.

පහර දුන් සැකකරු ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.