― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකැනඩා රැකියා පෙන්වා කෝටි 05ක් ගැරූ වෛද්‍යවරයාට ඇප

කැනඩා රැකියා පෙන්වා කෝටි 05ක් ගැරූ වෛද්‍යවරයාට ඇප

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වංචා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍යවරයකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (18) නියෝග කළේය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ආනන්ද වෛද්‍යරත්න නැමැත්තෙකුයි එලෙස ඇප මත මුදා හැර ඇත්තේ.

කොළඹ වංචා විමර්ශනය අංශය මගින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ජා ඇල ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි මනම්පේරි නැමැති නීතිඥවරියක්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අදාළ නීතිඥවරියට පෙර නඩු වාරයේදී අධිකරණයෙන් ඇප නියම කෙරුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන වෛද්‍යවරයා අදාළ නීතිඥවරියව ඔහුගේ නියෝජිතවරියක් වශයෙන් පත් කරගෙන තිබී ඇති බවත් ඔහු එම නීතිඥවරිය වෙත පුද්ගලයන් යොමු කිරීමෙන් අනතුරුව සැකකාර නීතිඥවරිය පැමිණිලිකරුවන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාගෙන කෝටි පහකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට කරුණු හෙළි වී ඇති බවද ස්ථානාධිපතිවරයා අධිකරණයට දැන්වීය.

කැනඩාවට යවන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති නමුත් ඔවුන් එසේ රැකියා සඳහා යවා නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි හතළිහක් පමණ තම අංශය වෙත ලැබී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු කොළඹ සංඛ්‍යාව විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.