32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකබ්රාල් ඇතුළු නිලධාරීන් මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

කබ්රාල් ඇතුළු නිලධාරීන් මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සෙසු අධිපතිවරුන් හා මුදල් මණ්ඩල සාමාජිකයින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබේ.

එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ, පසුගිය 24 වැනිදා එම නිලධාරීන්ට කමිටුව හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්න ද ඔවුන් එදිනට සහභාගි නොවූ බවය.

එම තත්ත්වය පිළිබඳව තමන් සිය අප්‍රසාදය පලකරන බව ද කමිටු සභාපතිවරයා සඳහන් කළේ ය.

ඒ අනුව ලබන පළමු වැනිදා උදෑසන 10.00ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පෙනී සිටින්නැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සෙසු අධිපතිවරුන්ට හා මුදල් මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දී තිබේ.