28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනාවුක ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

නාවුක ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද දිනයේදී දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක පමණ අගයක් ගත හැකි බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩි විය හැකියි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.