― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරුපියල් 50ට තිබූ දඩය 50,000 ක් දක්වා ඉහළට

රුපියල් 50ට තිබූ දඩය 50,000 ක් දක්වා ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් හට ලබාදෙන දඩ මුදල් සහ දඬුවම් ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක පවසන්නේ මෙතෙක් පැවති නීතියට අනුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පනවා තිබූ පෝස්ටරයක් ඇලවීම සිදු කළහොත් වන රුපියල් 50ක දඩ මුදල නව පනත යටතේ එක් පෝස්ටරයක් සඳහා රුපියල් 50000ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව කිසිඳු අයුරකින් මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය ප්‍රචාර පැතිරීම හෝ පෝස්ටර්ස් ඇලවීම හෝ යනාදිය හෝ කණ්ඩායමක් සමඟ හෝ එවන් නීතිවිරෝධී මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක යෙදුණහොත් සිරගත කිරීම්වලට පවා ලක් විය හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.