26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදියණියට අසැබි පණිවුඩ එවුවැයි තරුණයෙක් පැහැරගෙන

දියණියට අසැබි පණිවුඩ එවුවැයි තරුණයෙක් පැහැරගෙන

අඹුසැමි යුවළක් විසින් 16 හැවිරිදි සිසුවකු පැහැරගෙන යෑමේ සිද්ධියක් වේයන්ගොඩින් වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා විසින් මෙම තරුණයා පැහැරගෙන යන අවස්ථාවේදී වේයන්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප‍්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් වන අතර අදාළ තරුණයාව පැහැර ගැනීමට භාවිතා කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලින් අනාවරණයවී ඇත්තේ පැහැර ගැනීමට ලක්වූ සිසුවා විසින් සිය ජංගම දුරකථනය මගින් මෙම අඹුසැමි යුවළගේ දියණියට ජංගම දුරකථනයෙන් අසභ්‍ය පණිවිඩ යැවීම හේතුවෙන් තරුණයා පැහැරගෙන ඇති බවයි.

අදාළ තරුණයා සිය ජංගම දුරකථනය විකිණීමට ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පළ කර තිබෙනු දුටු සැකකාර දෙමාපියන් එම ජංගම දුරකථනය තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය යැයි පවසා සිසුවා වේයන්ගොඩ ප‍්‍රදේශයට ගෙන්වාගෙන පැහැර ගැනීම සිදුකර තිබේ.