― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාව ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි

ලංකාව ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ බව අදාළ පාර්ශව දෙකක් විසින් තහවුරු කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකාව සතු විදෙස් විනිමය සංචිත 70%කින් පමණ පහළගොස් තිබේ. ඒ හේතුවෙන් මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට ඉඩහැර ඇති අතර එබැවින් රුපියල දැඩි ලෙස බාල්දු වෙමින් පවතී.