27.2 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකසළ තේ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කසළ තේ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පසුගියදා (06) පොලිස් විශේෂ කාර්‍යය බලකා හොරණ කඳවුරේ නිලධාරීන් විසින් කසළ තේ කොළ සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ; මෙම සැකකරු සන්තකයේ තිබී කසළ තේ කොළ කිලෝග්‍රෑම් 10,360ක් සොයා ගැනුණු බවයි.

සැකකරුව බුලත්සිංහල පොලිස් වසමේ දෙහිකඩේ හන්දිය ආසන්නයේ දී අත් අඩංගුවට ගැනුණා.

සැකකාර පුද්ගලයා 35 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වනවා