― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිමේ කාලය දීර්ඝ කෙරේ

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිමේ කාලය දීර්ඝ කෙරේ

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිමේ දිනය හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබෙනවා.

අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රී 12 වන විට අවසන් වීමට නියමිත තිබුණා.

එහෙත් තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් හා කොමිෂන් සභාව වෙත කළ ඉල්ලීම අනුව දිනය දිර්ඝ කිරීමටයි පියවර ගැනුනේ.

සම්පුර්ණ කරන ලද තැපැල් ඡන්ද අයදුම් පත්‍ර අද සහ හෙට යන දෙදින තුළ තැපෑලට භාර නොදී / දිස්ත්‍රික් මැතිවරණ කාර්යාවලට රැගෙනවිත් භාරදීම වඩා යෝග්‍ය බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

කිසිදු හේතුවක් මත තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කරනවා.