පොලිස් වසම් රැසක කොල්ලකෑම් සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර , බණ්ඩාරගම සහ වාද්දුව ඇතුලු පොලිස් වසම් රැසක ගෙවල් බිදුම් 15ක් පමණ සිදුකළ මෙම සැකකරු 31 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
හොරේතුඩුව ටිකිරා නමින් යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවෙකු වනවා.
ගෙවල් බිදුම් සිදුකර පැහැර ගන්නා භාණ්ඩ අලෙවි කර මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
සැකකරු සන්තකයේ තිබු රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.