― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෑස් මිල නැවත ඉහළට

ගෑස් මිල නැවත ඉහළට

ගෑස් මිල තවදුරටත් ඉහළ යෑමට ඉඩකඩ පවතින බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

“විශේෂයෙන්ම ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත්කරලා තියෙන ආකාරයට දැනට ඒ ගෑස් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනවා ලක්ෂය බැගින්. ලබන 04 වැනිදා හෝ 05 වැනිදා වනවිට හිඟය නැතිවෙයි කියන එක තමයි ලිට්‍රෝ සාමගම කියලා තියෙන්නේ. අපිත් ප්‍රාර්තනා කරනවා එවැනි තත්ත්වයක් ඇතිවෙලා ජනතාවට සිදුවෙන අපහාසුතාවය අඩුවෙයි කියලා. නමුත් තවදුටරටත් ගෑස්වල මිලත් අනියාර්යයෙන්ම ඉහළ යෑමකට ලක් වෙයි.”