පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්රවල ජල මට්ටම පහළ බැසීම ඊට හේතු වී තිබේ. පානීය ජල සැපයුම සීමාසහිත වුවද එය සැමට සමසේ බෙදා හැරිය යුතු බැවින් ජලය අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිත කරන ලෙස ජලසම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි තත්වයකදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවත් වරින් වර සිදුවන විදුලි විසන්ධිවීම් නිසා අඛණ්ඩ ජල සැපයුමකට බාධා එල්ල වන බවත් මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.
ජල සැපයුම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර 1939 යන දුරකතන අංකයෙන් විමසිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.