අද (30) පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදුන් බව හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කළේය.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාපවල උදෑසන 8 සිට රාත්රී 12 දක්වා කාලය අතරතුර පැය 10 ක විදුලි කප්පාදුවක් ක්රියාත්මක අතර P,Q,R,S,T,U,V,W දක්වා කලාප සඳහා ද පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.
ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක්ද එකතු වී තිබේ. එම කලාපවල උදෑසන 8.00 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුකෙරේ.