2023/2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට අවසන් දිනය අද (30) වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වාර්තා මාර්ගගත ක්‍රමයෙන් පමණක් ඉදිරිපත් කළ හැකි අතර, එ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල හෙට දින සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් විවෘතව පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
අමතරව, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටි ලංකා බැංකු ශාඛාව ද හෙට විවෘතව පවතින බවත් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි