දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදනයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර ඇත.
ගැසට් නිවේදනයට අනුව,
- දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්රෑම් එකක උපරිම තොග මිල රු. 215ක් වන අතර උපරිම සිල්ලර මිල රු. 220ක් වේ.
- දේශීය නාඩු සහල් සඳහා තොග මිල රු. 225ක් වන අතර උපරිම සිල්ලර මිල රු. 230ක් වේ.
- දේශීය කීරිසම්බා සහල් කිලෝග්රෑම් එකක උපරිම තොග මිල රු. 255ක් වන අතර සිල්ලර මිල රු. 260ක් වේ.
ඒ වගේම, ආනයනික සහල් සඳහාද උපරිම මිල නියම කර ඇති අතර,
- ආනයනික කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිල රු. 210ක්,
- ආනයනික නාඩු සහල් සඳහා රු. 220ක්,
- ආනයනික සම්බා සහල් සඳහා රු. 230ක් ලෙස නියම කර ඇත.
මෙම ගැසට් නිවේදනයේ සියලුම විස්තර පාරිභෝගික අධිකාරිය විසින් නිශ්චිතව සඳහන් කර තිබේ.