27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා - IMF සාකච්ඡා ඉදිරි දින කිහිපයේදී

ශ්‍රී ලංකා – IMF සාකච්ඡා ඉදිරි දින කිහිපයේදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගැනීම ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජෙරී රයිස් පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී සම්පූර්ණ වාර්තාවක් නිකුත් කළ බවත් ඔහු අවධාරණය කළේය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,

“ආර්ටිකල් IV වාර්තාවේ එම තොරතුරු දැක්වෙනවා. ශ්‍රී ලංකා බලධාරීන් කැමැත්ත පළකරලා තිබෙනවාද අයි එම් එෆ් සහාය සහිත මූල්‍ය වැඩසටහනකට? ඊට පිලිතුර ඔව්. අපි ඔවුන් සමග සාකච්ඡා ආරම්භ කරන්න සැලසුම්කරනවා ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාගේ වොෂිංටන් සංචාරයේදී. ඒ කියන්නේ ඉදිරි දින කිහිපය තුළදී. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය පිළිබඳව අප්‍රේල් මාසයේදී තවත් තොරතුරු හෙළිකරන්න බලාපොරොත්තු වෙනවා.” යන බවයි.