29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දය සිංහල අලුත් අවුරුද්දට කලින්

පුංචි ඡන්දය සිංහල අලුත් අවුරුද්දට කලින්

එළඹෙන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.

එමෙන්ම පළාත් සභා මැතිවරණය ද ලබන වසරේ පැවැත්වෙනු ඇති බවයි ජනධිපතිවරයා පවසන්නේ.

මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමට මහනුවරට අද (20) පැමිණි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් මීට පෙර කැඳවා ඇති නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන පනත් කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

එම පනත් කෙටුම්පතින් පසුව යළි නාමයෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය; සිංහල දමිළ අලුත් අවුරුද්දට පෙර පවත්වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ.