28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවාවක්

උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවාවක්

උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් අද (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස් රථ 50ක් ධාවනයට එක් කර ඇති බවයි.

එසේම අධිවේගී මාර්ගයේ ධාවනවන බස් රථ ප්‍රමාණයද වැඩි කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවයි.

මේ අතර උත්සව සමයේ විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව ද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරි එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවා.