30 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිරිහානේ විරෝධතාව ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමුවෙයි

මිරිහානේ විරෝධතාව ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමුවෙයි

ඊයේ (31) මිරිහානේදී ජනාදිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ආසන්නයේ සිදුවූ විරෝධතාවන් ගැන ජාත්‍යන්තර මාධ්‍ය තුළත් මහත් ආන්දෝලනාත්මක ලෙස පුවත් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජනපති පළවා හැරීමට ජනතාව වීදි බැස ඇති බව අල්ජසීරා, වොෂින්ටන් පෝස්ට්, ඒපී, ඒඑෆ්පී හා හින්දුස්ථාන් ටයිම්ස් ඇතුළු මාධ්‍ය මගින් මේ වනවිට ඡායාරූප සහිතව පළ කර ඇති විස්තර වලින් කියා සිටියි.

ඉහළ ගිය ජීවන වියදම, ගෑස්, විදුලිය, ඛනිජතෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය රජයේ දුර්වලතාව නිසා සිදුවූවක් බැවින් ඒවා කළමනාකරණය කර ජනතාවට ලබාදීමට රජය අපොහොසත්වීම නිසා එල්ල වී ඇති පීඩනය දරාගන්නට බැරිම තැන මෙලෙස විරෝධතාවට එක් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරයි.