31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනව ජාතික බුද්ධි ප්‍රධානී සිය ධුරයේ වැඩ අරඹයි

නව ජාතික බුද්ධි ප්‍රධානී සිය ධුරයේ වැඩ අරඹයි

අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

ඊයේ (01) දිනයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාට පත්වීම් ලිපිය ලබා දෙනු ලැබීය.

මේජර් ජෙනරල් වනිගසූරිය මහතා පත්වීම් ලැබීමෙන් අනතුරුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කළේය.

ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතාගේ විශ්‍රාමයත් සමඟ පුරප්පාඩු වූ එම ධුරය සඳහා මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා පත්කර ඇත.