― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅහිංසක මිනිස්සුන්ගෙ බඩගින්නට උඹලා මේ විදිහට සළකයි කියලා අපි කවදාවත් හිතුවේ නෑ..

අහිංසක මිනිස්සුන්ගෙ බඩගින්නට උඹලා මේ විදිහට සළකයි කියලා අපි කවදාවත් හිතුවේ නෑ..

උඹලාට තිබුණු ඒ ආදරේ ඊයේ නැතිවුණා..
හදවතට තට්ටු කරලා බලන්න.. අහිංසකයන්ව පාගන්න එපා..
අපි හැමදේම බලාගෙන හිටියේ…

මේ රටේ මේ වෙලාවේ පාරට බහින්නේ කිසිම දේශපාලන අරමුණක් නිසා නෙවෙයි.
තමන්ගේ කුසගින්න නිසා, එහෙමත් නැත්නම් රැකියාව නැතිනිසා, එහෙමත් නැත්නම් ගෙවන්න තියෙන බැංකු ණය එහෙමත් නැත්නම් ෆිනෑන්ස් එක නිසා..
තවත් විදිහකට කියනවානම් තමන්ගේ පවුලේ කෙනෙක්ට බෙහෙත් ටික ගන්න නැතිව, දරුවට කිරි එකක් ගන්න, ගොවිතැනක් කරගන්න විදිහක් නැතිව.
ගෙදරකට වැඩ ඇරිලා යද්දි විදුලිය නෑ.. ගෙදර කෑම උයාගන්න ගෑස් ටික නෑ.. වාහනයකට ඉන්ධන ටික නෑ..
තවත් මොන කතාද මහත්තයෝ..
මේ හැමදේකින්ම මිරිකුණු මිනිස්සු තමයි අද පාරට බැහැලා අරගල කරන්නේ.
තමන්ගේ අම්මා තාත්තා ගැන මොහොතකට පපුවට තට්ටු කරලා හිතන්න.
තමන්ගේ බිරිඳ ගැන හිතන්න.. එහෙමත් නැත්නම් දරුවෝ ගැන හිතන්න.
ඒසී වාහනවල ඒසී කාමරවල ඉන්න දේශපාලඥයාට මේ වේදනාව දුක කවදාවත් දැනිලා නෑ..
එහෙම අය වෙනුවෙන් උඹලා පාරවල්වල මරාගන්නවා..
නිල ඇඳුමට හමුදාවට, පොලිසියට STF එකට මිනිස්සු කවදත් ආදරේ කළා.. සැලකුවා..
ඒ උඹලා මේ රටේ හැම ව්‍යසනයකදිම පෙරට ආපු නිසා.. අපි වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා වැඩ කරපු නිසා.
එහෙම කරපු උඹලා දේශපාලන හෙංචයියන් නිසා අහිංසක මිනිහෙක්ට තමන්ගේ අවිය, බැට්න් පොල්ල උස්සන තැනට පත්වුණා කිව්වම අපිට අදහාගන්න අමාරුයි.
දේවත්වයෙන් අපි උඹලට සැලකුවේ.
උඹලා කිව්වනම් අපි කියන දේ අහන්න කියලා අපේ උන් උඹලා කියන දේවල් නෑහුණු ගාණට ඉන්නේ නෑ..
හැබැයි ඊයේ සිදුවුණු සිදුවීමත් එක්ක අහිංසක මිනිස්සුන්ට උඹලා සලකපු විදිහ දැක්කම දුකයි. ඔයිට වඩා හොදයි ඔය රස්සාව පැත්තකට දාලා ගෙදර ආවනම්.
තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන මනුස්සකම පාවා නොදී.
උන් සැප ගද්දි.. උන් කරපු වැරදි නිසා මිනිස්සු අසරණ වෙලා ඉද්දි උඹලා ගහගන්නවා.. උන්ව රකින්න..
අපි විශ්වාස කළා උඹලාගේ අවිය, උඹලාගේ බැටන් පොල්ල අහිංසක මිනිහෙක් ඉදිරියේ උස්සන්න උඹලට බෑ කියලා..
හැබැයි ඊයේ අපි දැක්කා උඹලා මාධ්‍යවේදීන්ට සත්තුන්ට වගේ ගහනවා.. අහිංසක මිනිස්සුන්ට කතා කළේ සත්තුන්ට වගේ..
එක දෙයක් උඹලට තියෙන ගෞරවය නිසා මිනිස්සු ඉවසන් ඉන්නවා මිසක් අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න එක්ක ජීවිත එක්ක සෙල්ලම් කරන්න ආවොත් ආයෙත් උඹලට ඒ හිත්වල තිබුණු ගෞරවය කවදාවත් ලැබෙන එකක් නෑ..
ඒ වගේම මේ අරගලයෙදි මිනිස්සුන්ට උඹලවත් දේශපාලඥයෝ හා සමානව පේන්න ගනී..
ඒ නිසා රැකියාවට, නිල ඇඳුමට යට වෙලා මනුස්සකම පාවා දෙන්න එපා..
අදටත් අපි උඹලාට ආදරෙයි..
ඒ ආදරේ හෙට තියෙනවාද කියන එක උඹලාම තීරණය කරාවි..මේ අරගලවලින් මැරුණොත් මැරෙන්නේ දුප්පත් අම්මා කෙනෙක්ගේ පුතෙක්.. පරදින්නේ ශ්‍රී ලාංකික අපි.. දිනන්නේ දේශපාලඥයෝ.. කවදාවත් අපේ එවුන්ට ගහන්න එපා..
බුදු සරණයි…

සටහන
ජීවිත අරගලයට පණ පොවන මිනිසෙක්