28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයෝෂිත රාජපක්ෂ සහ විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

යෝෂිත රාජපක්ෂ සහ විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට නියමිතය.

මෙය, පසුගිය දිනවල ඔහුට එම දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් දැනුම්දීම් අනුවය.

කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ ඔහු පෙනී සිටිය යුතු බව දැනුම්දීම්වී තිබුණි.

එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන්ද පසුගිය සිකුරාදා පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාගත් බව වාර්තා වේ.

මේ අතර, හිටපු අමාත්‍ය විමල් වීරවංශද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දැරූ කාලයේ සිදුකළ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් පරීක්ෂා කිරීම සඳහා ඔහුද එම දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිතය.