පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා.
පොලීසිය බස් රථවලට අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් බස් සංගම් වැඩවර්ජනයක් කැඳවා තිබුණා.
ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පොලිස් මූලස්ථානයේදීයි මෙම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ.