― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරනවා

මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරනවා

පෙරේදා (31) රාත්‍රියේ නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයට සම්බන්ධ වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩ වී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරන බව මානව හිමිකම් කොමිසම පවසයි.

මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සියලු පුද්ගලයින්ගේ සියලු තොරතුරු මේ වනවිට මානව හිමිකම් කොමිසම ලබා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයකින් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් විමර්ශනයක් ආරම්භ කළ හැකි බව මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම සිදුවීමට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම ලබන අඟහරුවාදා රැස් වීමට නියමිතය.

මානව හිමිකම් කොමිසම මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් එහිදී රජය හෝ වෙනත් පාර්ශවයකින් මානව හිමිකම් කඩවීමක් සිදු වී ඇතිනම් ඒ පිළිබඳව ගත යුතු නිර්දේශ පිළිබඳව එදිනට අවධානය යොමු කරන බවත් කොමිසම ප්‍රකාශ කරයි.

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම පවසයි.