දොඩංගොඩ විල්පාත ප්රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, මෙම වෙඩි ප්රහාර හතරක් නිවසේ ජනේලයට එල්ලවී ඇති බවයි.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර, කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකළහ.
එසේම, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද පරීක්ෂණ කටයුතුවලට කැඳවා ඇති අතර, දොඩංගොඩ පොලීසිය ඉදිරියේදී වැඩිදුර පරීක්ෂණ පැවැත්වනු ඇත.