30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන සංචාරයෙන් පසු ජනපති අනුර දිවයිනට පැමිණේ

චීන සංචාරයෙන් පසු ජනපති අනුර දිවයිනට පැමිණේ

ජනාධිපති අනුර කුමාර දිසානායක සිව් දින නිල සංචාරයක් සඳහා චීන රාජ්‍යය වෙත ගොස් එම සංචාරය නිමවා දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙම සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 14 වැනි දිනය.

අද පෙරවරුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි අතර සාකච්ඡාවක් පැවැත්විණි.

ජනාධිපතිවරයා එදින එරට ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවල නිරත විය.

සංචාරයේ අවසන් දිනයේදී, ජනාධිපතිවරයා චීනයේ සිචුවාන් හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාව, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.