― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsහිටපු ඇමති විජයමුණි සොයිසා අධිකරණයට

හිටපු ඇමති විජයමුණි සොයිසා අධිකරණයට

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණි.
නීතිවිරෝධීව කොටස් එකලස් කර ව්‍යාජ එන්ජින් සහ චැසි අංක යෙදූ ලොරි රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (19) හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව සැකකරු හපුතලේ පොලීසියට භාරදී තිබුණි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අද (20) පෙරවරුවේ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සුවදුක් විමසීමට උසාවියට පැමිණ තිබුණි.