27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅදත් ඇතැම් ප්‍රදේශවලට වැසි

අදත් ඇතැම් ප්‍රදේශවලට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, අද දින (21) නැගෙනහිර, උතුරු-මැද හා ඌව පළාත්වල මෙන්ම මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

උතුරු පළාතේ ස්වල්ප වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි අතර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 30-40ක පමණ තරමක තද සුළං විටින් විට හැමීමට ඉඩ ඇත.

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසයි.