27.2 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොකු ලොකු වාහන සියල්ල වෙන්දේසි වෙන හැටි

ලොකු ලොකු වාහන සියල්ල වෙන්දේසි වෙන හැටි

පසුගිය රජය පැවති කාලය තුළ භාවිත කළ මේ වනවිට අමාත්‍යාංශ සතුව පවතින සුඛෝපභෝගී වාහන සියල්ල වෙන්දේසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ සුහද හමුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එළඹෙන පෙරබවාරි මස පළමු වනදා වාහන ආනයන වෙළඳපොළ විවෘත කිරීමට කටයුතු කිරීමත් සමඟ වෙළඳපොළේ ඒ වනවිට පවත්නා වාහන මිලත් සමඟ සලකා බලා එම වාහන වෙන්දේසි කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ