― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාරට ඇප

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාරට ඇප

පැහැරගැණුනු බවට සමාජ මාධ්‍යයේ පළ වූ අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

මෙම තරුණයා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ක්‍රියාකාරීව අදහස් දැක්වූ අයෙක්. සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර නම් මෙම තරුණයා පසුගිය 01 වැනිදා පැහැරගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කතාබහට ලක්විය.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායමක් විසින් මෙම තරුණයා රැගෙන ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයා සිය භාරයට ගත් බවයි.

පොලිස් අත් අඩංගුවේ පසුවන මෙම තරුණයාට නීතිඥ සහාය ලබාදීම සඳහා ඊයේ පස්වරු 2ට පමණ නීතිඥවරුන් පිරිසක් මෝදර පොලීසියට පැමිණ තිබේ. පස්වරු 5.30ට පමණ අනුරුද්ධ බණ්ඩාර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය අතර මධ්‍යම රාත්‍රිය වනතුරුත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

කෙසේවෙතත් අද (03) උදෑසන මෙම තරුණයාට ඇප ලැබී තිබේ.