― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි කප්පාදුව ක්‍රමයෙන් අඩු කරනවා

විදුලි කප්පාදුව ක්‍රමයෙන් අඩු කරනවා

ඉදිරි දින කිහිපයේ විදුලිය කප්පාදුව සැලකිය යුතු ලෙස අඩු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් වෙන් කරන බවට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත සහතිකයක් ලැබී ඇති බව එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉන්දීය ණය යටතේ අද (03) ඩීසල් මෙට්‍රික් ටොන් 12,000 ලැබීමට නියමිතය.

සොජිස්ට් බලාගාරයේ විදුලිය නිෂ්පාදන කටයුතු අද (03) දවස තුළ යළි ආරම්භ කරන බවත් බලාගාරයට අවශ්‍ය ඩීසල් තොග මේ වනවිට ලැබෙමින් ඇති බවත් එහි වැඩ බලන සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහන්ත අබේසේකර පැවසීය.