27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජාතික පුනරුදයට පෙළ ගැසෙමු තේමාව යටතේ හෙට 77 වැනි ජාතික නිදහස් දිනය...

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු තේමාව යටතේ හෙට 77 වැනි ජාතික නිදහස් දිනය සැමරේ

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 77 වැනි ජාතික නිදහස් දින සැමරුම හෙට (04) කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවය අඩු වියදමින් හා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර, පසුගිය වසරවලට වඩා මහජන සහභාගීත්වය ඉහළ නැංවීමට ද සැලසුම් කර තිබේ.

ගිය වසරේ ගාලු පාරේ පැවැත්වූ නිදහස් දින උත්සවය සඳහා රුපියල් මිලියන 200ක් වැය කර තිබූ අතර, මෙවර එය රුපියල් මිලියන 87 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙවර සැමරුම් පෙළපාළියේ හමුදා සංයුතිය ද සැලකිය යුතු ලෙස වෙනස් කර ඇත. පසුගිය වසරේ හමුදා සාමාජිකයින් 3384ක් සහභාගී වූ අතර, මෙවර එය 1873 දක්වා අඩු කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 40ක අඩුවීමකි.

තවද, මෙවර උත්සවයේදී ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ප්‍රදර්ශනය නොකෙරෙන අතර, නාවික හමුදාවේ සාම්ප්‍රදායික වෙඩිමුර 25 පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේ භාවිත කළ ගුවන් යානා 19 වෙනුවට මෙවර ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට සැලසුම් කර තිබේ.