28.4 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට පුරා රිළා සංගණනයක්

රට පුරා රිළා සංගණනයක්

දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක් සිදු කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.

මෙම සංගණනය පෙබරවාරි 15 හෝ 22 දින දෙකෙන් එකක සිදු කිරීමට නියමිතයි.

එම සතුන්ගෙන් පොල් වගාවට වන හානියට පිළියම් සෙවීමේ අරමුණෙන් මේ සංගණනය සිදු කරන බවයි පොල් සංවර්ධන මණ්ඩලය පවසන්නේ.

ජාතික ආර්ථිකයට සැලකිය යුතු ලෙස බලපෑමක් එල්ල කරන රිළවුන් හේතුවෙන් 2024 වසරේදී පොල් ගෙඩි මිලියන ගණනක් විනාශ වූ බවට මෑත කාලීනව පළවූ වාර්තා හේතුවෙන් මෙම සංගණනයේ අවශ්‍යතාව මතුව ඇති බවයි පොල් සංවර්ධන මණ්ඩලය අවධාරණය කරන්නේ.

වැවිලි කර්මාන්ත, පරිසර හා කෘෂිකර්ම අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු බහුවිධ රාජ්‍ය ආයතන එක්ව සංගණනයේ සාර්ථකත්වය සඳහා කටයුතු කරයි.