25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොර සහනාධාරය ගන්නා වී ගොවීන් අස්වැන්නෙන් කොටසක් රජයේ ගබඩාවලට දිය යුතුයි

පොහොර සහනාධාරය ගන්නා වී ගොවීන් අස්වැන්නෙන් කොටසක් රජයේ ගබඩාවලට දිය යුතුයි

කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරන්නේ රජයේ පොහොර සහනාධාරය ලබා ගන්නා ගොවීන් තම වී අස්වැන්නෙන් කොටසක් රජයේ වී ගබඩාවලට ලබා දිය යුතු බවයි.

ගොවීන් පොහොර හා ජලය ලබා ගන්නේ මහජන මුදල්වලින් බැවින්, ඔවුන් තම වී අස්වනුවලින් නිශ්චිත ප්‍රමාණයක් රජයට ලබා දීම අනිවාර්ය කිරීමට නව නීති සකස් කරන ලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

රජයෙන් මෙම පහසුකම් ලබා ගන්නා ගොවීන් ඒවා භාවිතයෙන් තම අස්වනු වැඩි කර ගෙන එම වී අස්වනු මහා පරිමාණ වෙළෙඳුන්ට විකුණන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

වී මිලදී ගැනීමේ කටයුතු සඳහා රජයේ සියලු වී ගබඩා විවෘත කිරීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, සමහර ගොවීන් විසින් තම අස්වනු නියැදි පරීක්ෂාව සඳහා වී අලෙවි මණ්ඩල ගබඩාවලට යවා තිබුණ ද, ඊයේ (13) දින වන විටත් වී අලෙවි මණ්ඩලයට ගොවීන්ගෙන් වී ලැබී නොමැත.