29 C
Colombo
Wednesday, February 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනාමල් ලියූ නීති විභාගයට වැටෙන්න යන කොක්ක

නාමල් ලියූ නීති විභාගයට වැටෙන්න යන කොක්ක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යාණුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇත.

‘අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලක් මත පදනම්ව මෙම විමර්ශනය සිදුකරන බව පොලීසිය සඳහන් කළේය. නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ජාලයක විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී පිළිගත් පරිදි, ඔහු නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ සහය ඇතිව පෙනී සිටිමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබාගෙන ඇති බවට වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ‘අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය ඉල්ලීමක් කර ඇත. ඒ අනුව, වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියට උපදෙස් ලබා දී තිබේ.