28 C
Colombo
Friday, February 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගනේමුල්ල සංජීව එළොව යවන්න උදව් කළ සුරූපි කත ගැන තොරතුරු එළියට

ගනේමුල්ල සංජීව එළොව යවන්න උදව් කළ සුරූපි කත ගැන තොරතුරු එළියට

අද (19) පෙරවරුවේ කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ (අංක 05) සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ව ඝාතනයට වෙඩික්කරු සමග තවත් කාන්තාවක් ද පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

එම සැකකාර කාන්තාව ද නීතිඥවරියක් ලෙස සැරසී අධිකරණ භූමියට ඇතුල් වී ඇති බවත්, හිස් අතින් ආ වෙඩික්කරු හට ගිනි අවිය අදාළ කාන්තාව විසින් පසුව ලබා දී ඇති බවත් දැනට සිදු කළ විමර්ශනවල දී තහවුරු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් වන අපරාධයට යොදාගත් ගිනි අවිය නීතිඥවරුන් භාවිතා කරන අපරාධ නඩු විධාන සංග්‍රහය නමැති ප්‍රමාණයෙන් විශාල කෘතියෙහි ඇතුළත් සැක නොසිතෙන ආකාරයට, ඉතාමත් සූක්ෂ්මව පිටු අතර රිවෝල්වරය සැඟවීමට කපා ඊට අදාළ සැඟවීම් සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

වෙඩික්කරුව කිසිදු පරීක්ෂාවකින් තොරව අධිකරණ භූමියට ගෙන ඇති බවත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 05කගේ සහභාගීත්වයෙන් පරීක්ෂණ කටයුතු සිදු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වනවිට පැවැත්වෙන පොලිස් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් දැනුම්දුන්නා.

සංජීව කුමාර සමරරත්න නමැති චූදිතයා මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර විත්ති කූඩුවෙන් බැසීමට උත්සාහ කිරීමේ දී ඔහු ආසන්නයට ආ වෙඩික්කරු විසින් පපු ප්‍රදේශයට අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා